මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.


"රාධය, #උපාදානස්කන්ධයෝපස්දෙනෙක් වෙති. ඒ කවරේද? එනම්, 

 

🌷 රූප උපාදානස්කන්ධය

🌷 වේදනා උපාදානස්කන්ධය

🌷 සංඥා උපාදානස්කන්ධය

🌷 සංස්කාර උපාදානස්කන්ධය

🌷 විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.


රාධය, යම් හෙයකින් ආර්ය ශ්‍රාවක තෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ,


🍂 හටගැනීමද

🍂 විනාශවීමද

🍂 ආශ්වාදයද

🍂 ආදීනවයද

🍂 නිස්සරණයද


 තත්වූ පරිදි දනීද, රාධය, මේ ආර්ය ශ්‍රාවක තෙමේ සෝවාන් වූයේ දුගතියට නොපැමිණීම ස්වාභාව කොට ඇති අර්හත් ඵලයට නියත වූ අර්හත් ඵලය පිහිට කොට ඇති පුද්ගලයායි කියනු ලැබේ.!"