"අපි හිතමු බුදුරජාණන් වහන්සේ කැළණි පින්බිමට වඩිනවා කියලා. හිතන්නකො එහෙම. එතකොට ඉන්න කීයෙන් කී දෙනෙක්ද උන්වහන්සේ මුණ ගැහෙන්න යන්න සූදානම් වෙන්නෙ? හරිම අඩුවෙයි යන පිරිස. මොකද හැමෝම දන්නවා බුදුරජාණන් වහන්සේට හිත් කියවන්න පුලුවන් කියලා. මේ පින්වතුන් දවසකට එක වතාවක්වත් ජීවමාන බුදුපියාණන් වහන්සේ ඉදිරියට යනවා කියන හිතුවිල්ල, ජීවමාන සංඥාවෙන් බුද්ධ වන්දනාව සිදු කරන්න.


ඒකට ප්‍රතිපත්තිය ශීලය පිරිසිදුව තියාගන්නත් ඕන. දවසට වතාවක්වත් හිතලා බලන්න 'මගේ හිත කොහොමද තියෙන්නෙ? බුදුපියාණන් වහන්සේ දැක්කොත් 'මෝඝ පුරිස, හිස් පුරුෂයා' කියන විදියටද මං හිත පවත්වන්නෙ, නැතිනම් බුදුපියාණන් වහන්සේ සාධුකාර දී ප්‍රශංසා කරන විදියටද මං කටයුතු කරන්නෙ? මෙහෙම දින විස්සක් විතර සිදු කෙරෙද්දී තමන්ටම වෙනස දැනේවී. එ් විදියට අරුත් සහිතව වන්දනා කරමින් කරන බුද්ධ වන්දනාව බුද්ධානුස්සතියක් වෙද්දී හිතට වෙනස, සැනසීම දැනේවි. නිවන් පිණිස වීර්යය වඩන්න හේතු සැකසේවි!


(අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අනුසාරයෙනි)


✍️ සිත් නිවාලන අරණ ✍️