‘‘අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා;
තං තං ගොතම පුච්ඡාමි, කො ඉමං විජටයෙ ජට’’න්ති.
‘‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො, චිත්තං පඤ්ඤඤ්ච භාවයං;
ආතාපී නිපකො භික්ඛු, සො ඉමං විජටයෙ ජටං.
‘‘යෙසං රාගො ච දොසො ච, අවිජ්ජා ච විරාජිතා;
ඛීණාසවා අරහන්තො, තෙසං විජටිතා ජටා.
"යත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣති; පටිඝං රූපසඤ්ඤා ච; එත්ථෙසා ඡිජ්ජතෙ ජටා" ති.
(ජටා සූත්‍රය - සනාතන සංයුක්තය - සංයුත්ත නිකාය)
---------------------------------------------------------------------------
“ඇතුලතද අවුල් වෙයි. පිටතද අවුල් වෙයි. (සත්ත්‍වයා) අවුලෙන් වෙළන ලදී. ගෞතමයන් වහන්ස, එහෙයින් මේ කාරණය ඔබගෙන් විචාරමි. කවරෙක් මේ අවුල ලිහන්නේද?”
“උත්පත්තියෙන් ඥානවන්‍තවූ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ, (කටයුතු පිළියෙල කරන) නුවණ ඇතිවූ, (යම්) භික්‍ෂුවක් ශීලයෙහි පිහිටා සමාධියද, (විදර්‍ශනා) ප්‍රඥාවද වඩන්නේ වේද,හෙතෙම මේ අවුල ලිහන්නේය.
“යමෙකුන් විසින් රාගයද, ද්වේෂයද, අවිද්‍යාවද දුරු කරන ලද්දාහුද, ආශ්‍රවයන් නැතිනළ ඒ රහත්හු වෙත්. ඔවුන් විසින් (තණ්හාවෙන් ඇඳී යන සංසාර) අවුල ලිහන ලද්දේය.
“යම් තැනෙක නාමයද, රූපයද, ඝන සංඥාද, රූපශබ්දාදියේ සංඥාද සම්පූර්‍ණයෙන් ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ වේද, එහි මේ (තණ්හාවෙන් ඇඳීයන සංසාර) අවුල සිඳෙයි.”
------------------------------------------------------------------------------------
මෙහි ඇතුළත අවුල නාමයත් රූපයත් අතර ඇති සම්බන්ධයි(උදා: අන්ධයාගේ පිට උඩ නැඟි දෑස් පෙනෙන පිළෙක් සේ). පිටත අවුලනම් නාමරූපයත් විඤ්ඤාණය ත් අතර ඇති සම්බන්ධය වේ.(ඒ දෙක ^ හැඩයට එක මත එක හේත්තු කළ හරයක් නැති බට කෝටු මිටි දෙකක් වගේ).
ලෝක සත්තවයා රූප දකින ශබ්ද අහන ... සිතුවිලි දැනෙන එකක්ම වූ සිතක්(විඤ්ඤාණයක්) පිළිබඳ හඟියි. එහෙත් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ එක් විඤ්ඤාණයක් නොව එක අත්තක් අත හැර තව අත්තක් අල්ලන්නාවූ ශීඝ්‍රගාමී වඳුරෙන් ලෙස විඤ්ඤාණය නාමරූපයෙන් නාමරූපය අල්ලමින් ඊට සාපේක්ෂව වෙනස් වෙමින් දැනීම් ලබාදෙයි. ඒකංයේව උප්පජ්ජති, අඤ්ඤේන නිරුජඣති විඤ්ඤාණය එකක්ව උපදියි, වෙන එකක්ව නිරුද්ධ වෙයි. ඉහත කී වඳුරා සේ... උපාදානය(ආසාවෙන් ග්‍රහණය වී යාම) නිසාම එකක්ව පුහුදුන් පුද්ගලයාට වැටහෙයි. එයයි අනාත්ම දර්ශනයේ නියම පැතිකඩ.
මොහොතක් සිතා අවබෝධ කර ගනිත්වා !
පානදුරේ ආනන්ද ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
0 Comments