🍀අපගේ බෝසතාණන් වහන්සේ මනුලොව උපදින කොට වස්තුන් හතක් පහල වුනා...එම  වස්තුන්ට සහජාත වස්තුන් ලෙස නමි ලැබුනි... 


🌹සහජාත වස්තු හත🌹

""""""""""""""""""""""""""""""


⭕1.) ජය ශ්‍රී මහා බෝධිය


⭕2.)යශෝදරා දේවිය(රාහුල මාතාව)


⭕3.)ආනන්ද මහ රහතන් වහන්සේ 


⭕4.)කන්ථක අශ්වයා


⭕5.)ජන්න ඇමැති 


⭕6.)කාළුදායි ඇමති


⭕7.)සතර මහා නිධානය (සංඛ, ඵල, උත්පල, පුණ්ඩරික)


🍀බෝසතාණන් වහන්සේ සමගම පහල වුන නිසයි කියන්නේ, සහජාත වස්තු කියලා..


🍀මෙ සහජාත වස්තුන් එක්කම පහල වුන ජයශ්‍රී මහ බෝධින් වහන්සේ විතරයි අදටත් අපට වන්දනා කරන්න ජිවමානවම වැඩ ඉන්නේ විරාජමානවම....


🌸🌸ජයශ්‍රී මහ බෝධිය🌸🌸

"""""""""""""""""""""""""""""""""""


🔷බෝසතාණන් වහන්සේගේ උපත සිදුවන විටම මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උරුවෙල් දනව්වේ ඒ මගධ දේශයේ නේරංජනා නදී තීර සමීපයේ  තමයි පහල වුනේ. 


🔷ඊට නැගෙනහිරින් වජීරාසනේ පිහිටියා. 


🔷එතකොට මේකේ අසිරිය තමයි, භාග්‍යවතුන් වහන්සේ නමක් උදෙසා යම් රුක්ෂයක් ලොව පහළ වෙනවද, ඒ පහළ වෙන හැම වෘක්ෂයක්ම පහල වෙනනේ එතනමයි. 


🔷එකම තැන තමයි පහළ වෙන්නේ. 


🔷එකම තැනයි වජිරාසනේ පිහිටන්නේ. 


🔷ඉතින් ඒ නිසා මේ බෝධීන් වහන්සේලා පහළ වෙන භූමියට කියනවා ජය භූමිය කියලා.


🔷ඊලගට මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහිත මේ බෝධි භූමියට කියනවා, බෝධි මණ්ඩලය කියලා. 


🔷මේ භූමිය තණකොල නැති සුදු වැලි තලාවලින් කියනවා වැහිලා තියෙන්නේ. 


🔷මේ භූමිය හැම තැනක්ම අපවිත්‍ර වුනාට, මේක ස්වභාවිකවම පිරිසිදුව පවතිනවා කියනවා. 


🔷බුදුවරු නැතිකාල වල එතැන බෝධිය නැහැ. 


ඒ වුනාට පිරිසිදු වැලි තලාවක් තියෙන්නේ කියනවා. 


🔷ඊලගට මෙතැන තමයි කියනවා ලෝකයේ පවිත්‍රම ස්ථානය. 


🔷මේ ස්ථානය වටා තියෙන ගස් කොළං ඒ ගස් ඔක්කොම නැමිලා තියෙන්නේ කියනවා. 


🔷ඒ බෝධි මණ්ඩලයට, ජය භූමියට ගස් කොළං වන්දනා කරනවා. 


🔷මේ අජීවි ගස් කොළං අර ජය භූමියට වැදගෙන ඉන්නේ කියනවා.


🔶මේ ශ්‍රී ලංකා ද්වීපයේ අනුරාධපුරයේ මහා මේඝ වන නම් උයනෙහි කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා පිහිටියා වූ ද අප බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේ හා නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටියා වූ උත්තම භූමි භාගයේ වැඩ සිටින්නා වූ දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේට මාගේ වන්දනාව  මාගේ නමස්කාරය වේවා..!!!