🙏 භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ තීර්ථා ප්‍රතිපත්තීන් සේ නිෂ්ඵල නොවන ඒකාන්තයෙන් නිවනට පමුණුවන යහපත් ප්‍රතිපත්තියක් පුරන සේක.
🙏 නිර්වාණය දක්වා සෘජුව පවත්නා ප්‍රතිපත්තියක් පුරන සේක.
🙏 නීරවුල් වූ ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් පුරන සේක.
🙏 ගරු කළ යුතු ප්‍රතිපත්තියක් පුරන සේක.
🙏 පුරුෂයුග්ම වශයෙන් සතරක්
වන්නා වූ පුද්ගලයන් වශයෙන් අටදෙනෙක් වන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඉතා දුර සිට ද ප්‍රත්‍ය ගෙනැවිත් පිදීමට සුදුසු වන සේක.
🙏 දුරින් පැමිණෙනෙ ප්‍රිය මනාප ඥාති මිත්‍රයන් සඳහා පිළියෙල කළ ආගන්තුක භෝජනය වුවද පිළිගැනීමට සුදුසු වන සේක.
🙏 පරලොව දී ඵල ලැබීම සඳහා දෙන දානය පිළිගැනීමට සුදුසු වන සේක.
🙏 ලෝකවාසීන් විසින් නමස්කාර කිරීමට සුදුසු වන සේක.
🙏 පූජාවන් මහත්ඵල කිරීමට සමත්වන ශීලාදී ගුණයන්ගෙන් යුක්ත වන බැවින් අනුත්තර පුණ්‍ය ක්ෂේත්‍රය වන සේක.
මේ ගුණ නවයෙන් යුක්ත වූ කල්‍යාණ පෘතග්ජන සංඝයා සහිත වූ අෂ්ටාර්යපුද්ගල සංඝරත්නය සරණ යෙමි. ඒ සංඝරත්නය ශීර්ෂයෙන් වඳිමි. 🙏🙏🙏
අතිපූජනීය රේනුකාණේ චන්ද්‍රවිමල මහානායක ස්වාමීන්වහන්සේ විසින් රචිත පුණ්‍යෝපදේශය පොත්වහන්සේගෙනි 🙏
0 Comments