පින්වතුනි ,අපි මේ සිටින්නෙ මනුස්ස ලෝකය තුල අමාරුම කාල පරිච්චේදයක.නොයෙක්  ලෙඩ රෝග කරදර බහුල කාළයක් වර්ථමාන ලෝකය ගත කරමින් සිටින්නේ.අනාගත ලෝකය මීට වඩා කරදර බහුල වෙනවා .

කල්පයකට අන්තඃකල්ප 64 තිබෙනව.ඒ අන්තඃකල්ප 64 මනුෂ්‍යයන්ගෙ අයුෂ වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයියට  වැඩි වෙනව.එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉදන් ටික ටික අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10 ට අඩු වෙනකොට අන්තඃකල්ප විනාශය සිද්ද වෙනව.ඒ විදියෙ අන්තඃකල්ප 64 ගිය තැන තමයි මහා කල්පයක මේ ලෝක ධාතුවෙහි ඉපදෙමින් මැරෙමින් යන සත්වයන්ගෙ විනාශය සිද්ද වෙන්න පටන් ගන්නෙ .දැන් අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි අන්තඃකල්පයේ.

මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි අන්තඃකල්පයේ තමයි කකුසද බුදු පියාණන් වහන්සේ පහළ උනේ. මේ මහා භද්‍ර කල්පයේ දෙවනි අන්තඃකල්පයේ තමයි කෝනාගමන බුදු රජාණන් වහන්සේ පහළ වුනේ. තුන්වෙනි අන්තඃකල්පයේ කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පහළ වුනා. හැබයි පින්වතුනි පෙර පහළ වුනු සියලු බුදු රජාණන් වහන්සේලාගේ ආයුෂ දිහා බලද්දී උන් වහන්සේලා අපේ බුදු රජාණන් වහන්සේට වඩා දීර්ඝ ආයුෂ තියෙන බුදු රජාණන් වහන්සේලා.පෙර පහළ වුන හැම බුදු රජාණන් වහන්සේගේම ආයුෂ දහස් ගනනක් කියල සදහන් වෙනවා .

කකුසද බුදු රජාණන් වහන්සේ පහළ වෙද්දී මේ භද්‍ර කල්පයේ මිනිස්සුන්ගෙ ආයුෂ 40000 කියල ධර්මයේ සදහන් වෙනව. අද අපිට හිතන්නවත් අමාරුයි . සාමාන්‍ය ආයු අපේක්ෂාව 40000 කියල සඳහන් වෙනවා. කකුසද බුදු රජාණන් වහන්සේ පහළ වෙද්දී . මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි අන්තඃකල්පයේ මිනිස්සුන්ගෙ ආයුෂ වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යය්යට වැඩි වුන ලෙසයි සඳහන් වී ඇත්තේ. එහෙම වැඩි වුන ආයුෂ අඩු වෙලා අඩු වෙලා අවුරුදු 40000 ක් වුන තැන තමයි කකුසද බුදු රජාණන් වහන්සේ පහළ ලෝකයට පහළ වූවා.ඒ වැඩි උන ආයුෂ අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10 ට ආයුෂ අඩු උන තැන දි පලවෙනි අන්තඃකල්පය විනාශ වුනා. එතනින් ජීවිත බේරගෙන තියෙන්නේ ඉතාම සුලු පිරිසක්.

 ඒ අයගෙන් පටන් ගත්ත දෙවනි අන්තඃකල්පය ආරම්භය ඊට පස්සෙ ටික ටික ආයුෂ පරම්පරාවෙන් පරම්පරාවෙන් වැඩි වෙලා වැඩි වෙලා ආයෙ කාලයක් ආවා අවුරුදු අසංඛ්‍යය්යට වැඩි වෙච්ච . එතන ඉදන් ආයෙ පිරිහිලා පිරිහිලා ආයුෂ 30000 වුන තැන කෝනාගමන කියන බුදු රජාණන් වහන්සේ පහළ වුනා. ඒකත් අපිට හිතා ගන්න අමාරුයි නේද .එහෙම 30000 තිබුන ආයුෂ අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10 ට ආයුෂ අඩු වෙද්දි දෙවනි අන්තඃකල්පය විනාශ වෙනව.

දෙවනි අන්තඃකල්පයෙන් ටික දෙනෙක්ගෙ ජීවත බේරෙනව .ඒ අයගෙන් පටන් ගත්ත තුන්වෙනි අන්තඃකල්පය ආරම්භ වෙනව.ඊට පස්සෙ ටික ටික අර වගේ ගුනධර්ම පුරල පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ වැඩි වෙවී වැඩි වෙවී ගිහින් අවුරුදු අසංඛ්‍යය්යට වැඩි වුනා.එහෙම වැඩි වුන ආයුෂ එතන ඉදන් අඩු වේගෙන අඩු වේගෙන ඇවිත් මිනිස් ආයුෂ 20000 අඩු වෙද්දි තමයි මේ මහා භද්‍ර කල්පයේ තුන්වන අන්තඃකල්පයේ තමයි කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ලෝකයට පහළ උනේ . කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගෙ ආයුෂ 20000 යි.ඒ ආයුෂ අඩු වෙලා අඩු වෙලා අර වගේම අවුරුදු 10 ට අඩු වෙද්දි තුන්වෙනි අන්තඃකල්පයේ විනාශය සිද්ද වෙනව.

එතනින් ජීවත බේර ගත්ත ටික දෙනෙක්ගෙන් හතරවෙනි අන්තඃකල්පය ආරම්භ වෙනව. අපි මේ ඉන්නේ අන්තඃකල්ප හතරවෙනි එකේ. හැබයි ඒ අන්තඃකල්පයේ ආයුෂ වැඩි වෙවී වැඩි වෙවී ගිහිල්ලා ආයුෂ අසංඛ්‍යය්යට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච තැන ඉදන් ආයුෂ අඩු වෙවි අඩු වෙවී ඇවිත් ආයුෂ අවුරුදු 120 වූ තැන තමයි අපේ ග්‍යථම බුදු රජාණන් වහන්සේ පහළ උනේ.

අපි හැමෝම දන්නවා ඒ සියළුම බුදු රජාණන් වහන්සේ නමක්ම පහළ වෙන්නේ පස්මහ බැලුම් බලල කියල .( කාලය දීපය දේශය කුලය මව ) දෙව්ලොව ඉදන් බලනව බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් මනුෂ්‍ය ලෝකෙ තියෙනවද කියල . මිනිස්සුන්ගෙ ආයුෂ 100 න් පහලට පිරිහිලා නම් බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ කියල සදහන් වෙනවා .මිනිස් ආයුෂ 100 න් පහලට පිරිහෙනව කියන්නෙ විකුර්ති රාගය විකුර්ති ද්වේශය විකුර්ති මෝහය බලවත් වෙන කාලයක් කියල සදහන් වෙනවා .එවැනි කාලවල මිනිස්සුන්ගෙ කෙළෙස් වැඩියි. 

බුදු රජාණන් වහන්සේ නමක් පහල වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අත්හැරීම නිවන විමුක්තිය ගැන දහම් දෙසුවට මිනිස්සුන්ට කෙළෙස් වැඩියි කියල සදහන් වෙනවා .ඒ නිසා මිනිස් ආයුෂ 100 න් පහලට පිරිහිලා නම් බුදු රජාණන් වහන්සේ නමක් පහල වෙන්නේ නැහැ .

හැබයි අපේ වාසනාවට එදා ග්‍යථම බුදු රජාණන් වහන්සේ දෙව්ලොව ඉදන් බැලුව.බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක්ද කියල . බලනකොට එදා මිනිස්සුන්ගෙ ආයුෂ 100 ට චුට්ටක් වැඩියි. ඒ කියන්නෙ 120 සාමාන්‍ය ආයුෂ .

අපේ බුදු රජාණන් වහන්සේ පහළ වෙනකොට දැනට අවුරුදු 2600 කට පෙර එදා ජීවත් වුන මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාව අවුරුදු 120 හොදට මතක තියා ගන්න සාමාන්‍ය ආයු අපේක්ෂාව .උපරිම ආයුෂ නෙවෙයි .ඒ කාලෙ බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ බක්කුල මහ රහතන් වහන්සේ අවුරුදු 160 ජීවත් වුනා.අනුරුද්ධ මහ රහතන් වහන්සේ අවුරුදු 150 වැඩ සිටියා.මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අවුරුදු 120 වැඩ සිටියා.ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120 වැඩ සිටියා .විශාකා මහා උපාසිකාව දරුවො 20 දෙනෙක්ගෙ අම්ම කෙනෙක් අවුරුදු 120 ජීවත් වුනා කියල සදහන් වෙනවා .එතකොට සාමාන්‍ය ආයුෂ අවුරුදු 120 වුනාට ඊට වඩා හිටපු අය ඉදල තියෙනවා කියල අපිට පේනව.

එහෙම නම් අපිට පේනව ඒ කාලෙ ආයුෂ අදට වඩා වැඩි බව.හිතන්න අපි මේ ජීවත් වෙන මේ කාලෙ වෙනකොට බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පාල අවුරුදු 2600 විතර වෙනකොට අද ජීවත් වෙන මිනිස්සුන්ගෙ අපේ සාමාන්‍ය ආයුෂ 70 ක් විතර නේද තියෙන්නේ .කළාතුරකින් අවුරුදු 90 100 ඊට වඩා හිටිය කියල ගමකින් සොයා ගන්න පුලුවන් එක්කෙනෙක් දෙන්නෙක්. එදා බක්කුල මහ රහතන් වහන්සේ වැඩ සිටියා වගේ නෙවෙයි අද අවුරුදු 50 60 පනිද්දි ලෙඩ ගොඩ. බොහෝමයක් අමාරුවෙන් තමයි තව අවුරුදු 5 10 ඉස්සරහට ඇද ගන්නෙ.අද අපේ ශරීර අවුරුදු 50 60 වෙද්දී දුර්වල වෙලා ඉවරයි .කාය ශක්තිය පිරිහිලා ඉවරයි.ඒ නිසා අද මිනිස්සුන්ගෙ ආයුෂ වේගෙන් පිරිහෙනව.

බුදු පියාණන් පිරිණිවන් පාල 2500 විතර වෙනකොට මිනිස්සුන්ගෙ ආයුෂ 120 ඉදල අඩු වෙලා අපි හිතමු 70 අඩු වුනා කියල .එතකොට අවුරුදු 50 කින් අඩු වෙලා .බුදු රජාණන් වහන්සේගෙ කාලෙ හිටපු මිනිස්සුන්ට වඩා.එතකොට අවුරුදු 50 කින් ආයු අපේක්ෂාව අඩු වෙන්න ගත වුනේ අවුරුදු 2500 ක් .ඒ කියන්නෙ අවුරුදු 100 කට අවුරුදු 2 වගේ තමයි මිනිස්සුන්ගෙ ආයුෂ ටික ටික අඩු වෙවී යන්නේ .ඔබ හිතන්න මේ වගේම තවත් අවුරුදු 2500 අනාගතයට.

මේ බුද්ධ සාසනය අවුරුදු 5000 ගැන සදහන් වෙනවා .මේ වේගෙන් තව අවුරුදු 2500 ක් ඔහොම  මිනිස්සුන්ගෙ ආයුෂ අඩු වෙවී අඩු වෙවී ගියොත් බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000 වෙන වෙසක් පෝය දවසෙ සියලු සිරිපා සටහන් ලෝකෙන් මැකෙනව. බුදු රජාණන් වහන්සේගේ සිරිපා සටහන් පවතින්නේ " මේ සිරිපා සටහන් දෙව් මිනිසුන්ගේ ගරු බුහුමන් ලබමින් අවුරුදු 5000 කල් පවතීවා " යන බුද්ධ අධිෂ්ඨානය මත. එතකොට 5000 වෙනි වෙසක් පුන් පොහොය දින බුද්ධ අධිෂ්ඨානයෙන් සියල්ල ලෝකෙන් නැති වෙලා යනව. ඉන්පසු සියලු සර්වඥ ධාතූන් වහන්සේලා එකට එකතු වෙලා බුද්ධගයා වජිරාසන ඉහළ අහසේ යමා මහ පෙලහර පාමින් බුදු රුවක් මවමින් ධාතූන් වහන්සේලා පිරිණිවන් පානව කියල සදහන් වෙනවා . ඒකට කියන්නෙ ධාතු පරිනිර්වාණය කියල .

එතකොට ඔය සියලු දේ සිද්ද වෙන්නෙ බුදු රජාණන් වහන්සේ පිරිණිවන් පාල අවුරුදු 5000 ගිය තැන .එතනින් පස්සෙ ආයෙ බුදු රජාණන් වහන්සේගේ අබ ඇටයක තරම්වත් කිසිම ධාතූන් වහන්සේ නමක් වන්දනා කරන්නවත් ඉතුරු වෙන්නෙ නැහැ කියල සදහන් වෙනවා .

ඔය කියන ධාතු පරිණිර්වානය ඔය කියන බුද්ධ ශක්තිය බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් අවසන් වෙන දවස වෙනකොට මේ වේගෙන්ම මිනිස්සුන්ගෙ ආයුෂ තව අවුරුදු 2500 අනාගතයට හිතුවොත් ඒ වෙනකොට ඉන්න මිනිස්සුන්ගෙ සාමාන්‍ය ආයුෂ 20 ට පිරිහිලා .දැන් අවුරුදු 120 ඉදන් 2500 තුල 70 ට 50 කින් අඩු වුනා නම් මේ 70 තවත් අවුරුදු 50 අඩු වෙන්න තව අවුරුදු 2500 ඉදිරියට හිතන්න  මේ වේගෙන් එතකොට  බුදු රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පිරිණිවන් පානකොට මේ බුද්ධ සාසනයේ අවුරුදු 5000 වෙනකොට ජීවත් වෙන්නේ අවුරුදු 20 ට විතර පිරිහුනු මිනිස්සු . ඔබ අහල ඇති චක්ක්‍රවර්ති සීහනාද සූත්‍රයේ දීග නිකායේ බුදු රජාණන් වහන්සේ මේ බව පෙන්වනව ආයුෂ අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10 ට ලන් වෙනකොට මනුෂ්‍ය ස්වරූපයෙන් ඉන්න එලුවො බල්ලො බලල්ලු තිරිසනුන්ට අන්තයි කියල සදහන් වෙනවා.විකුර්ති රාගයෙන් මවිකුර්ති ද්වේශයෙන් මිනිස්සු විකුර්ති වෙලා එකිනෙකා මරා ගන්න ලේ පිපාසාවෙන් මිනිස්සු පෙලෙනව කියල සදහන් වෙනවා  .මෝහයෙන් ද්වේශයෙන් මිත්‍යාවෙන් අධර්මයෙන් විකුර්ති වෙච්ච ලෝකයක් කියනව තියෙන්නේ .

එතකොට ඔබ අහල ඇති මිනිස්සුන්ගෙ ආයුෂ 10 ට පිරිහෙනකොට සතවයන්ගෙ විනාශයට දින 7 ක් මහා වර්ෂ්‍යාවක් ඒකට කියනව මුරුගසන් වර්ෂ්‍යාව කියල .මිනිස්සු විකුර්ති වෙනව .ඒ වර්ෂාවට පෙර දෙවියන් මිනිස් ස්වරූපයෙන් පෙනී සිටිමින් කියාගෙන යනව මෙහෙම මෙහෙම ලකුනු අහසේ පහළ වෙනව මේ වගේ වර්ෂාවක් ඇද හැලෙන ලකුනු එනව.තනි තනියෙන් හැංගෙන්න තැන් සොයා ගන්න කියල.දෙන්නෙක් එකට හැංගෙන්න එපා කියනව.දෙන්නෙක් එකට හැංගුනොත් අර මුරුගසන් වර්ෂාව සමග ඇති වන විකුර්ති සිතුවිලි ඇති වන නිසා තැනින් තැනින් හැංගෙන්න කියල කියනව.

ඒ වෙනකොට බුදු රජාණන් වහන්සේ පෙන්නුව  මහණෙනි අනාගතයේ මිනිස් ආයුෂ අවුරුදු 10 ට පිරිහෙන කාලෙ වෙනකොට කුසල් කියන වචනෙ අහපු කෙනෙක්වත් ලෝකෙ නැහැ කියල .ඒ කාලෙ වෙනකොට බුද්ධ සාසනය පිරිහිලා ගොඩක් කල්.එහෙනම් ධර්මය අතුරුදහන් වෙලා .ඒ වෙනකොට ලෝකෙ බලවත්ම දේ නියත මිත්‍යාදුෂ්ඨියයි තිබෙන්නේ .පින්පව් නෑ. කර්මය කර්ම ඵලය නෑ.ඕන පවක් කරපල්ල.කියන මතය තමයි ලෝකෙ පැතිරිලා තියෙන්නේ .ඒක තමයි මිනිස්සුන්ගෙ මතය.

එවැනි කාලයක දෙවියන් පෙනී ඉදල කිව්වත් පිළිගන්නෙ නැහැ .බුදු රජාණන් වහන්සේ පෙන්වනව දින හතක් එක දිගට ලෝකෙටම වහිනව ඒ වැස්සෙන් මිනිස්සු විකුර්ති වෙනව කියල.එකිනෙකා ලේ පිපාසාවෙන් එකිනෙකා මරා ගන්නව.එකිනෙකා මරාගෙන මරාගෙන දින හතක් යනකොට ලෝකෙම ලේ විලක් වෙනව කියනව.අර මුරුගසන් වර්ෂාව වැහැලා ඉවර වෙනකොට අර හැංගිලා ජීවත බේර ගත්ත අය එනව කියල සදහන් වෙනවා .ඔවුන් ඔවුන්ගේ සහෝදරයන් දෙමව්පියන් දරුවන් මිය ගොස් සිටනව දැකල බොහෝ දුකට පත් වෙනව.

එහෙම වෙලා ඔවුන් පරම්පරාවෙන් පරම්පරාවට ගුනධර්ම වඩල ඒ අයගෙන් කාලයක් යනකොට ආයුෂ වැඩි වෙලා වැඩි වෙලා පස්වෙනි අන්තඃකල්පය ආරම්භ වෙනව කියල සදහන් වෙනවා .එහෙමනම් අපි ඒකට ලගයි දැන් .අපි මේ ඉන්නෙ අන්තඃකල්ප හතරවෙනි අන්තඃකල්පයේ .

පින්වතුනි එහෙනම් අපි මේ ඉන්නේ අන්තඃකල්ප විනාශයක් අත ලගමයි.අපි මේ ඉන්නේ මිනිස් ආයුෂ වැඩි වෙවී යන සුන්දර ලෝකයක් අනාගතයේ දකින තැන නෙවෙයි .මිනිස්සුන්ගෙ ආයුෂ පිරිහිලා මිනිස්සු විකුර්ති වෙලා ලේ පිපාසාවෙන් එකිනෙකා මරා ගන්න අනාගතේකට අපි මේ යන්නේ.ඒ නිසා මේ යුගයේ අමාරුම කාලයක් මේ ගෙවමින් යන්නේ.දැන් බලන්න බුදු රජාණන් වහන්සේ දේශණා කරනව මහණෙනි , ම්නිස්සුන්ගෙ ආයුෂ 100 න් පහලට පිරිහුනා කියන්නෙ කෙළෙස් වැඩි සත්තු වගේ ජීවිත් වෙන කාලයක්. දැන් අපේ ආයුෂ 100 න් පහලට පිරිහිලා එතකොට මේවගේ යුගයක ජීවත් වන අපිට ධර්මය පුරුදු කරනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි .හැබයි අපිට අමාරුයි කියල වෙන විකල්පයක් ඇත්තෙත් නැහැ .

බුදු රජාණන් වහන්සේ දේශණා කරන්නේ මහණෙනි " හිස ගිනි ගත් කෙනෙකු ගින්න නිවන්න මහන්සි වෙනව වගේ ධර්මාවබෝධය සදහා වීර්‍ය් වඩන්න කියල .කම්මැලි හිතෙනව, බැහැ කියල හිතෙනව ,බන අහන්න හිතෙනකොට හිතෙනව අනේ දැන් බැහැ කියල සිල් ගන්න යන්න හදනකොට හිතෙනව බැහැ අනේ පස්සෙ බැරිය කියල .ගුණධර්ම වඩන්න කුසල් වඩන්න හිත නැමෙන්නේ නෑ.

බුදු රජාණන් වහන්සේ පෙන්නුවා හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න වෙහෙසෙනව වගේ කොච්චර අකමැති උනත් වීර්‍ය්යෙන් ධර්මය අවබෝධ කර ගැනීම සදහා කටයුතු කරොත් මේ සංසාරයෙන් එතෙර වෙන්න පුලුවන් කියල .අපිට සතර අපාය මහ ගෙදර කර ගත්ත ගමනක් තිබෙන්නේ . වර්තමානයේ මාර්ගඵල ගැන කතා කරනව හොදයි .කොහොම හරි සෝවාන් වත් වෙන්න ඕන කියල උත්සාහ කරන්න ඕන .

හැබයි සුගතියට යනව කියන එකත් ලේසි දෙයක් නෙවෙයි .මේ සිතේ කෙළෙස් ගතිය නිසා.ඔබේ පුංචි කාලෙ ඔබට මතක ඇති නේද .නිකන් හිතන්න .මීට අවුරුදු 20 කට කලින් හිතන්න .ඒ කාලෙ tv තිබ්බෙ නැහැ නේද ඕන නම් ගමටම එක tv  එකක් තියෙන්න ඇති.ඔබේ ආච්චිලා සීයලා ලග ඵෝන් තිබුනද.ඒ හූනියමත් නෑ ඒ කාලෙ 

ඉස්සර ඔබට මතකද මල ගෙදරක් වුනාම මල පොත කියවනව කියල අහල තියෙනවද. වෙස්සන්තර ජාතකය කියවනව.ඉස්සර මිනිස්සු මල ගෙදරක් වුනාම ජාතක කතා පොතයි පිරිත් පොතයි අරගෙන යන්නෙ.මිනිස්සු එකතු වෙලා මිනිය උස්සනකම්ම පිරිත් කියනව.අද ආසාවට දකින්න තියෙනවද .

ඔබේ පුංචි කාලේ ඔබ හැදිච්ච පරිසරයේ අද ඔබේ ඇස් පනාපිට ඔබේ දරුවන්ගෙ දිහා බලන්න .අද උපදිනකොටම ඵෝන් එක අරන් උපදින්නෙ.පොඩි බබාගෙ ඉදන් ලොකු කෙනා දක්වා ඇබ්බැහි වෙලා ගේම් වලට ටීවී එකට චිත්‍රපට වලට බලන්න ඔබේ පොඩි කාලෙ එක්ක බලද්දී කොච්චර ලොකු වෙනසක්ද කියල .ඉස්සර මිනිස්සු ගමේ මොකක් හරි කරදරයක් වුනාම කව් කොල ගහක දුක් වෙලා අඩල අද එක්ක බලද්දී කොච්චර ලොකු වෙනසක්ද ,දැන් මිනිස්සුන්ට ඒ දේවල් සාමාන්‍ය දේවල් වෙලා හා එහෙමද කියල අහනව එතනින් ඔක්කොම ඉවරයි.

එන්න එන්න අකුසල් සාමාන්‍ය දේවල් වෙනව.අපි මේ ජීවත් වෙලා ඉද්දි මෙහෙම නම් ආයෙ ඉපදිලා එද්දි කොහොම අය ඉදීද තව පරම්පරා ගනනක් යනකොට.මනුෂ්‍ය ලෝකෙ කියන්නෙ අනාගතයේ වසන්න සුදුසු තැනක් නෙවෙයි .එන්න එන්න විකුර්ති වෙනව.සත්තු වගේ මිනිස්සු අනාගතයේ ලෝකයේ ඉතුරු වෙනව.ඒ නිසා මේ ලැබුනු අවස්ථාවෙන් ගැලවෙන්න උත්සාහ ගන්න .ධර්මය දියුණු කර ගන්න උත්සාහ ගන්න .ආයෙ අයෙමත් මේඅවස්ථාව ලැබෙයි කියල හිතන්න එපා.මේ විශාල පෙර පිනක් විපාක දෙන්නෙ.

මේ දුක්ඛිත සංසාරයෙන් එතෙර වන මාර්ගය බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන්න අපිට.

▪️ශ්‍රද්දාව 

▪️සීලය 

▪️සෘත 

▪️ ත්‍යාග 

▪️ප්‍රඥ්ඥා  කියන සේඛබල දියුණු කිරීමෙන් සතර අපායෙන් බේරෙන්න පුලුවන් කියල උන් වහන්සේ දේශණා කරා.

සතර අපායට ඇදල දාන්න පුළුවන් අකුසල් අපේ හිත ඇතුලෙ තිබෙන තාක් කල් අපි සංසාරයට බිය විය යුතුයි .සොවාන් උනාට පසු තමයී අප ආරක්ෂා වෙන්නෙ. ඒ සදහා බුදු පියානන් වහන්සේ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයත් ධර්ම ශ්‍රවනයත් ධම්මානුදර්ම ප්‍රතිපාවත් යෝනිසෝමනසිකාරයත් පෙන්වා දුන්න. මහණෙනි යුද්ධ දාහක් දිනනවට වඩා සක්විති රජකමටත් වඩා සෝවාන් මාර්ගය උතුම් කියල.

කොයි තරම් ලොකු ලොකු තානාන්තර පදවි දැරුවත් වැඩක් නැහැ ඔබ සංසාර ගමනේ යන තරගයෙන් දිනල නැත්නම් .

ඒ නිසා දානාදී පින් කම් කරන්න සිල් ගුනදම් පුරන්න සමාධිය වඩන්න.ප්‍රඥා පාරමිතාව පුරන්න.ශ්‍රද්ධාව දියුණු කරන්න.අප්‍රමාදී වෙන්න .

ගලිගමුවේ ඥණදීප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසුරින් සැකසූ ලිපියකි ...වැරදි ඇතොත් සමා වන සේක්වා ...

තෙරුවන් සරණයි හැමෝටම