🍃🍂සියදිවි හානිකර ගැනීමන්,ගෙල වැළලා ගැනීමෙන්,වස බීමෙන්,දුම්රියට පැනීමෙන් ආදීයෙන් යමෙක් සියදිවි නසාගනීද බුදුන්ගේ දේශනාවට අනුව නම් ඒ තැනැත්තාට හෝ ඒ තැනැත්තියට කල්ප ගණනාවක් යනකම් මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න බැහැ,


ඒ ඇයි? 

බුදුන් වහන්සේගේ දේශනාවට අනුව තමා විසින් ම තම ජීවිතය විනාශ කර ගැනීම වනාහි මහා බලවත් පාප කර්මයක් බවයි.තවද ඒ අකුසලය මහා ප්‍රාණඝාත අකුසල කර්මයකි. ප්‍රාණඝාත යනුවෙන් අදහස් කරන්නේ පර පණ නැසීම පමණක් ම නොවෙයි.තමාගේ ජීවිතය තමා විසින් නැතිකර ගැනීමත් ප්‍රාණඝාතයකි.එවගේම සියදිවි හානි කරගන්නා තැනැත්තාට හෝ තැනැත්තියට නම් බුදු දහමට අනුව සුගතියට හෙවත් දිව්‍ය ලෝකයට යා නොහැකිය.ඔවුන් ඉපදෙන්නනේම ‘‘නරක,තිරිසන්,ප්‍රේත,අසුර’’ කියන මේ සතර අපායේ ම යි. බුදුහාමුදුරුවෝ දේශනා කලේ එහෙම නරකාදියේ උපදින ඔවුන් අවුරුදු ලක්‍ෂ කෝටි ගණනක් යනතුරු සියදිවි හානි කර ගැනීමේ විපාක විඳවන බවයි. සියදිවි හානි කර ගන්න තවත් සමහරු භූතයන් ප්‍රේතයන් පිසාචයන් වෙලා උපදින බවත් සඳහන් වෙනවා,ඔවුන් මේ ලෝකයේ වෛරයෙන් සිටි අයගෙන් පළිගන්නටත් ආදරයෙන් සිටි අයගේ රුධිරය උරා බොන්නටත් තමයි ඒ ආත්ම වල උපත ලබන්නේ.


ඇතැම් තරුණ තරුණියන් අපට මතු සංසාරයේ දී වත් එක්ව වාසය කරන්නට ලැබේවා යි පතා, ගඟට මුහුදට පනින්නේ – ඇසිඩ් බොන්නේ එහි දවන ස්වභාවය දැනෙන්නට වන්නේ එය බලවත් වූ විටය. සත්ත්වයනට ඉෂ්ටවිපාක ඇති වන්නේ චිත්ත සන්තානය පිනවන අලෝභ මෛත්‍රී ශ්‍රද්ධා ප්‍රඥාදි ධර්‍මයන්ගෙනි. චිත්ත සන්තානය දවන රාග ද්වේෂාදීන්ගෙන් අනාගතයෙහි ඇති කරන්නේ ද අනිෂ්ට විපාකයෙකි. අකුශල්ය කියනුයේ අනිෂ්ට විපාක ඇති කරන ධර්මයන්ට ය. දවන ස්වභාවය ඇතියක් බැවින් රාගය ද අනාගතයෙහි අනිෂ්ට විපාක ඇති කරන පාප ධර්මයෙකි. මරණාසන්නයේ දී එය බල පැවැත්වුව හොත් ප්‍රේත ලෝකයෙහි ඉපදිය හැකි ය.

රාගය විශේෂයෙන් ප්‍රේතව ඉපදීමටත් ද්වේෂය නරකයෙහි ඉපදීමටත් මෝහය තිරිසන් යෝනියෙහි ඉපදීමටත් හේතු වන බව දහම් පොත්වල කියා ඇත්තේ ය. ආනන්තරීය පාප කර්ම තරම් බලවත් නොවූවද සියදිවි හානි කරගැනීමෙන් අවාසිය සිදුවන්නේද තමාටමය. මෙලොව සිය අදහස් පරිදි එක්ව විසීමට ඉඩ නො ලැබීමෙන් මතු ජාතියේ දී එක් වන්නට බලාපොරොත්තුවෙන් දිවි නසා ගන්නා තරුණ තරුණියන් ගේ සන්තානවල මරණාසන්නයේ දී අන්‍යෝන්‍ය ප්‍රේමය හෙවත් රාගය හෝ මතු වී පවතී.

නැතහොත් බලාපොරොත්තු ඉටු කර ගන්නට නො ලැබීමෙන් වන කෝපය හෝ මතු වී සිටී. නැතහොත් මෝහය මතු වී සිටී. ඒ අවස්ථාවෙහි දී දෙදෙනා කෙරෙහි ම සමානව රාගය ම මතුවී සිටිය හොත් ඔවුනට සමහර විට ප්‍රේතලෝකයේ එක්ව විසිය හැකි වනු ඇත.

එකකු ගේ සන්තානයෙහි රාගයත් අනිකා ගේ සන්තානයෙහි ද්වේෂයත් නැග සිටිය හොත් දෙදෙනාට දෙපලකට යන්නට සිදු විය හැකි ය. දුර්ගතියෙහි වුව ද දිවි නසා ගන්නා යුවළකට එක් වන්නට ලැබෙනවා නම් එය කලාතුකින් සිදුවන කරුණකි.


එබැවින් මතු එක්ව කම් සැප විඳීමේ බලාපොරොත්තුවෙන් දිවි නසා ගැනීම මෝඩකම්වලින් ලොකු ම මෝඩකමක් බව කිය යුතු ය.


බලන්නකෝ ඉතින් මේ සියදිවි හානි කර ගැනීම කියන්නේ මෙලොවත් පරලොවත් කොච්චර නම් භයානක ඉරණමක් අත්කර දෙන දෙයක්ද? ඒ නිසා මේ අකටයුක්ත අද සිට නවත්වමු.අපි හැමෝම නිවැරදිව බුදුන් සරණ යමු. නිරනිතරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ ධර්මයට අනුව ජීවිතය ගත කරමු.ධර්මය රකිමු.එවිට ධර්මය විසින් අපව රකිනු ඇත. නිරතුරුවම ශ්‍රාවක සඟරුවන දෙන මෙවැනි ඔවදන් පිළිපදිමු. ස්වාමින් වහන්සේලාට සිව් පසයෙන් ඇප උපස්ථාන කරමු. ජීවිතයට ප්‍රශ්න ආ විට දැඩි තීරණ නොගනිමු.දෙමාපියන් සිටීනම් ඔවුන්ගෙන් විසදුම් සෙවිය යුතුය.එසේ නොමැතිනම් පන්සලේ බෝ මළුවේ ඉදගෙන ප්‍රශ්නය සිතින් අයින් වී යන තුරුම භාවනා කරන්න.එසේ නොමැතිනම් පන්සලේ ලොකු හාමුදුරුවන් හෝ වෙනත් ධර්ම විනයධර ස්විමීන් වහන්සේ නමක් මුණ ගැසී ඒ පිළිබඳ අවවාද අනුශාසනා ලබා ගන්න.අපේ ප්‍රශ්න වලට විසදුම් උන්වහන්සේලා තුළින් ලබාගත තිබෙන බැවින් එවා ලබා ගත හැක.උන් වහන්සේලා අපේ මානසික ආතතිය දුරු කර ආධ්‍යාත්මීය සුවය වැඩි දියුණු වීම පිණිස බණ පදයකින් හෝ අනුශාසනා කරාවි.හැබැයි ස්ත්‍රී  පාර්ශවයේ අය නම් උන්වහන්සේලා සමඟ ඇවතුම් පැවතුම් කරන ආකාරය දැන ගන්න ඕනි.විසදා ගැනීමට පුළුවන් ප්‍රශ්න වලට උනත් නිතරම පන්සලට ගිහින් හාමුදුරුවන් සොයා දුවන්නට හොඳ නැහැ.එව්ට මිනිසුන් කථා හදන්න පුළුවන්.එවිට තවත් විශාල ප්‍රශ්න උද්ගත වෙනවා.ඊට පස්සේ ඒ හාමුදුරුවන්ටත් ඊට වඩා දරුණු ගැටළුවකට මුහුණපාන්නටයි සිදුවන්නේ.ඒ හේතුව නිසයි එය දැනුවත් කලේ.


කොහොම වුනත් මේ ලෝකයේ කාටවත් නින්දා අපහාස නොවිඳ ඉන්න පුළුවන් කමක් නැති බව අප බුදුරජානන් වහන්සේ ”නත්ථි ලෝකේ අනින්දිතෝ” දේශනා කලා.ඒ කොහොමහරි කමක් නෑ අර කියමනක් තියෙනවා නින්දා අපහාස එල්ලවන තරමටම බුද්ධිමතුන්ගේ බුද්ධිය වර්ධනය වෙනවා කියලා එසේනම් ඔබටත් කවුරුන් හෝ නින්දා කරනවානම් අපහාස කරනවානම් ඒවා ඉවසා ගැනීමට ඔබ ධෛර්යමත් වන්න ඒ ධෛර්ය නිසාම ඔබේ බුද්ධිය වර්ධනය වනවා ඒකාන්තයි.‘‘ විපදි ධෛර්යම්’’ කිව්වේ එ නිසානේ. විපතේදී ධෛර්යමත් වෙන්න ඕනෑ. මේ කරුණක් කරුණක් පාසාම ඔබේ සිහියේ තබා ගන්න. එවායින් ජීවිතයට එන ප්‍රශ්න වලට මුහුණදීමට පාඩම් ඉගෙන ගන්න. තව කෙනෙකුට පාඩම් උගන්වන්නවත්,තව කෙනෙකු මට්ටු කරන්නවත්,තම වටිනා ජීවිතය නැති කර ගන්න හදන්නෙපා. මෙහි පෙර සදහන් කල ආකාරයට මෙය කියවන පිංවත් ඔබ මෙය දෙතුන් විටක් කියවා හොදින් තේරුම් අරන් සිහියේ තබා ගන්න. මෙය තව අයෙකුට කියවන්නට දෙන්නේ නම් එයද ඉතා මැනවි.