🌷බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාසමාපත්ති ඥාණය🌷...

 

🌷බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාසමාපත්ති ඥාණය🌷...


තුන්ලෝකාග්‍ර වු භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණක් පිහිටන්නා වූ අසාධාරණ ඥාණ වලින් එකකි


කරැණාව යනු අනුන් ගේ දුකක් දුටු තැන සත්පුරුෂයන්ගේ හද සංතානය.. උනුවන.. අනුකම්පා සහගතවන සොභාවයයි.


කෝටියක් මව්වරුන්.. පියවරැන්.. බ්‍රහ්මයන්.. දෙවියන් ගේ කරැණාව එක් පිඩක් කලද.. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවේ අංශු මාත්‍රයක් වත් සම නොවනේය...

පැතීරීම අතින් විශාල බැවිනුත්..සංතාන අතින් විශාල බැවිනුත් බුදුරජාණන් වහන්සේගේ කරැණාව මහා කරැණාව නමි..


බුදුරජාණන් වහන්සේ දවසෙහි පශ්චිම යාමයේ සක්මනින් ඉද අනතුරුව මදක් සැතපි අළුයම ඉර උදාවන තුරු දොලොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරැණාසමාපත්තියට සම වැදී ඉන් නැගි..ඉන්ද්‍රීය පරෝපරියත්ත හා ආසයානුසය ඥාණ දෙකෙන් දසදහසක් ලෝක ධාතුව බලාවදාරණ සේක. මෙම ඥාණ 2 ට බුදු ඇස යයි කියනු ලැබේ..


මගපල නිවන් සම්පත් ලැබීමට සුදුසු යම්තාක් සත්වයන් මේ බුදු ඇසට මැවීපෙනී යන්නේය...


නැවතද සවස ධර්ම දේශනා කොට.. පිරිස ගිය කල්හි.. පැන් පහසු වී.. භික්ෂූන් වහන්සේලා රැස් වනතුරු දොලොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරැණාසමාපත්තියට සම වැදී ඉන් නැගි බුදු ඇසින් ලෝක ධාතුව බලාවදාරණ සේක..


මෙසේ දිනකට සූවිසි කෝටි ලක්ෂ වාරයක් මහා කරැණාසමාපත්තියට සමවදින සේක.. 

දිනපතාම නොකඩවා ම බුදු වු 45 වසර පුරාම සිදු කල සේක..


අහෝ!!! මා කෙසේ දරන්නද ඒ මහා කරුණා ගුණය.. මාගේ භාග්‍යවතුන් වහන්සේට දරණි තලයේ වැතිරෙමින් වන්දනා කරමි..


සාදු 🙏සාදු 🙏සාදු 🙏 

නමස්කාරය වේවා..!!! 

සාදු 🙏සාදු 🙏සාදු 🙏

Post a Comment

0 Comments