බෞද්ධයන් වශයෙන් අප දැනගතයුතුම වන මෙම ශරීරයේ ධාතු කොටස් මොනවාදැයි මන් මෙහි සඳහන් කරන්නම්..නිවන් අවබෝධය පිණිස උත්සහා දරණ අප මිනිස් ශරීරය සෑදී ඇති මෙම කොටස් පිළිබඳව නිවැරදිව දැන ඒ පිළිබඳ පිළිකුල ඇතිකරගත යුතුමය.
💢පඨවි ධාතු කොටස් 20 කි.
1.කෙස්
2.ලොම්
3.නිය
4.දත්
5.සම
6.මස්
7.නහර
8.ඇට
9.ඇටමිඳුළු
10.වකුගඩුව
11.හදමස
12.අක්මාව
13.දලබුව
14.ඇලදිව
15.පෙණහල්ල
16.අතුණු
17.අතුණුබහන්
18.නොපැසුණු ආහාර
19.පැසුණු ආහාර
20.මොළය
💢ආපෝ ධාතු කොටස් 12කි.
1.පිත
2.සෙම
3.සැරව
4.ලේ
5.දහදිය
6.මේද තෙල
7.කඳුළු
8.වුරුණු තෙල
9.කෙළ
10.සොටු
11.සඳමිදුලු
12.මුත්‍ර
💢තේජෝ ධාතු කොටස් 4කි.
1.සන්තාපන තේජෝ ධාතුව
2.ජිරාපන තේජෝ ධාතුව
3.පරිදහන තේජෝ ධාතුව
4.පාචක තේජෝ ධාතුව
💢වායෝ ධාතු කොටස් 6කි.
1.උද්ධංගම වාතය
2.අධෝගම වාතය
3.කුච්ඡිසය වාතය
4.කොට්ඨාසය වාතය
5.අංගමංගානුසාරී වාතය
6.ආශ්වාස ප්‍රාශ්වාස වාතය
0 Comments