සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැර ලෝකයෙහි පහළ වූ කිසි ම ශාස්තෘවරයෙක් තමන් ගේ තත්වයට ශ්‍රාවකයන් ට ත් පත්විය හැකි යැ යි දේශනා කොට නැත.බුදුරජාණන් වහන්සේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරන ඕනෑම කෙනෙකු ට බුද්ධත්වය ලබාගත හැකි බව දේශනා කළ සේක.එහෙත් බුද්ධත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ.ඒ සදහා කාලාන්තරයක් නො පසුබට උත්සාහයෙන්, ධෛර්යයෙන් පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා, වශයෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කළ යුතු ය. එසේ පාරමිතාවන් සම්පූර්ණ කොට බුද්ධත්වයට පත්වූවෝ ද අනන්ත අප්‍රමාණ බව ( අප්පමාණෝ බුද්ධෝ ) ඛන්ද පරිත්තයෙහි සඳහන් වේ.


මේ සදහා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බෝධිසත්ව කාලසීමාවන් අධ්‍යනය වැදගත් ය යි සිතේ.


බෝධිසත්ව අවධියේ දී උන්වහන්සේට හමු වී ඇති අතීත බුදුවරු ගණන පමණක් පන්ලක්ෂ දොළොස්දහස් විසිහතක් ( 512027 ) බව දේශනා කර ඇත.මනෝ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු එක්ලක්ෂ විසිපන්දහසක් ( 125000 ) ද, වාක් ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු තුන්ලක්ෂ අසූහත්දහසකුත් ( 387000 ) ද, කය වාක් ප්‍රනිදානය තුළ දී හමු වූ  සම්මා සම්බුදුවරු ගණන විසිහතකුත් ( 27 ) වශයෙනි.


ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ට පත්වන්නට පෙර පාරමිතා පිරූ කාලය තුළ පමණක් බුදුවරු මෙ පමණ සංඛ්‍යාවක් පහල වී ඇත්නම් මෙ ලොව පහල වූ අතීත බුදුවරු ගණන මෙ පමණක් කැ යි කියා කිසිසේත් කිව නො හැකි ය. අසංඛ්‍ය ගණනක් බුදුවරු පහල වී ඇති බව බුද්ධවංශයන් හි දැක් වේ.


🍁 ප්‍රඥාධික, ශ්‍රද්ධාධික, වීර්යාධික බුදුවරු 🍁


ප්‍රඥාධික, ශ්‍රද්ධාධික, වීර්යාධික ආදි බුදුවරුන් ලබන බුද්ධත්වයෙහි හා දේශනා කරන ධර්මයෙ හි කිසිදු වෙනසක් නැත.සමස්තයක් වශයෙන් ගතහොත් සෑම බුදුවරයෙක් ම දේශනා කරනුයේ අකුරු අටෙකි. වචන තුනෙකි. එ නම් අනිච්ච, දුක්ඛ, අනත්ත යන මේ අකුරු අට හා පද තුන යි.


ශාරීරික වශයෙන් උස මහතින් වෙනස් වුණත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනුවඤ්ජන එක සේම පවතී.


ඓශ්චර්යයෙන් හා පුණ්‍ය මහිමයෙන් ද ප්‍රඥාධික බුදුරදුන්ට වඩා ශ්‍රද්ධාධික බුදුරදුන් වැඩිය.ශ්‍රද්ධාධික බුදුරදුන්ට වඩා වීර්යාධික බුදුරදුන් වැඩි ය.හේතුව පෙරූම් දම් පුරණ කාලය දීර්ඝ බැවිනි.


දීර්ඝායුෂ සහිත බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු වැඩි කාලයක් නො පවතී.උන්වහන්සේලා අනුශාසනා ප්‍රාතිමෝක්ෂය පමණක් දේශනා කරන හෙයිනි.අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා අනුශාසනා ප්‍රාතිමෝක්ෂයත්, ආණා ප්‍රාතිමෝක්ෂයත් දේශනා කරන හෙයින් දීර්ඝ කාලයක් පවතී.


🍁 බුදුවරු කරුණු අටකින් අසමාන වෙති 🍁


සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරුණු අටකින් අසමාන වෙති, 


🍀 ආයුෂය

🍀 ශරීරප්‍රමාණය

🍀 කුලය

🍀 ප්‍රධාන වීර්යය කරන කාලපරිච්ඡේදය 

🍀 බුද්ධ රශ්මිය

🍀 අභිනිෂ්ක්‍රමණය කරන යානය

🍀 බෝධි වෘක්ෂය

🍀 පර්යංක ප්‍රමාණය, යන කරුණු අටෙන් බුදුවරු අසමාන වෙති.


🍁 බුදුවරු කරුණු සතරකින් සමාන වෙති 🍁


බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී,


🍀 සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම තැන වෙයි.

🍀 දම්සක් පැවැත්ම ඉසිපතන මීගදායේ සිදු වේ.

🍀 දේවාරෝහනය සංකස්ස නගරද්වාරයෙ හි ද.

🍀 ගන්ධකුටිය ජේතවනයෙ හි ද වේ, මේ කරුණු සතරින් බුදුවරු සමාන වෙති...!!!


තෙරුවන් සරණයි...!!!


උතුම් ධර්ම දානය පිණිස කියවා බෙදා හරින්න...


 තෙරුවන් සරණයි 🙏🌸🙏🌸🙏