1.අවීචි මහා නරකය

  මෙහි ආයු ප්‍රමාණය- මහා කල්පයයි.

2.ප්‍රතාප නරකය-

අවීචි මහා නරකයට යොදුන් පහළොස්දාහක් ඉහලින් පිහිටන මෙම නිරයෙහි ආයු ප්‍රමාණය අන්තර් කල්පයයි.

3.තාප නරකය.

ප්‍රතාප නරකයට යොදුන් පහළොස්දාහක් ඉහලින් පිහිටන මෙම නරකයෙහි ආයු ප්‍රමාණය- අවුරුදු කෝටි පනස් තුන්දහස් අසූ හතර ලක්ෂ දොළොස් දාහකි.

4.මහා රෞරව නරකය.

තාප නරකයට යොදුන් පහළොස්දාහක් ඉහලින් පිහිටන මෙම නරකයෙහි ආයු ප්‍රමාණය- අවුරුදු කෝටි හයදාස් හාරසිය තිස්පන් ලක්ෂ විසි පහකි.

5.රෞරව නරකය.

මහා⁣ රෞරව නරකයට යොදුන් පහළොස්දාහක් ඉහලින් පිහිටන මෙම නරකයෙහි ආයු ප්‍රමාණය අවුරුදු කෝටි අටසිය දෙලක්ෂ අනූ හතර දහස් හාරසියයයි.

6.සංඝාත නරකය.

රෞරව නරකයට යොදුන් පහළොස්දාහක් ඉහලින් පිහිටන මෙම නරකයෙහි ආයු ප්‍රමාණය- අවුරුදු කෝටි එකසිය තුන් ලක්ෂ හැට අට දාහකි.

7.කාලසූත්‍ර නරකය.

සංඝාත නරකයට  යොදුන් පහළොස්දාහක් ඉහලින් පිහිටන මෙම නරකයෙහි ආයු ප්‍රමාණය- අවුරුදු කෝටි දොළොස් ලක්ෂ අනූහයදාහකි.

8.සඤ්ජිව නරකය.

අප ජිවත් වන මනු ලොවට යොදුන් පහළොස්දාහක් යටින් ද, කාලසූත්‍ර නරකයට යොදුන් පහළොස්දාහක් ඉහලින්ද මෙම නරකය පිහිටයි. මනු ලොවට ආසන්නම නරකය වන්නේ මෙම නරකයයි. මෙහි ආයු ප්‍රමාණය- අවුරුදු කෝටි එක්ලක්ෂ හැට අට දෙදාහකි.


මිනිස් ලෝකයේ ආයු ප්‍රමාණය කලින් කලට 

වෙනස් වෙන එකක්ය. අවුරුදු අසංකෙයිය දක්වා උපරිමයත්, අවුරුදු දහය දක්වා අවමයත් වන්නේ ය.


දිව්‍ය ලෝක සය.


1.චාතුම්මහාරාජිකය- මිනිස් ලෝකයට යොදුන් හතළිස් දෙදාහක් ඉහලින් මෙම දිව්‍ය ලෝහය පිහිටයි. මෙහි පරම ආයු ප්‍රමාණය- 9000000. 

සතර වරම් දෙවිවරු-

1.ධතරට්ඨ- ගණ්ඩබ්බ.

2.විරූළ්හක- කුම්භණ්ඩ.

3.විරූපක්ඛ්‍ය- නාග.

4.කුවේර- යක්ෂ.

මෙහි ප්‍රධාන දේවේන්ද්‍රයා සක්‍ර දෙවිදුය.


2.තාවතිංසය- මෙම දිව්‍ය ලෝකය චාතුම්මහාරාජිකයට යොදුන් හතළිස් දෙදාහක් ඉහලින් පිහිටයි. මෙහි අයු ප්‍රමාණය- 36000000


3.යාමය- තව්තිසාවට යොදුන් හතළිස් දෙදාහක් ඉහලින් පිහිටයි. මෙහි ආයු ප්‍රමාණය- 144000000


4.තුසිතය- යාම දිව්‍ය ලෝකයට යොදුන් හතළිස් දෙදාහක් ඉහලින් පිහිටයි. මෙහි ආයු ප්‍රමාණය- 576000000


5.නිම්මාණරතිය- තුසිතයට යොදුන් හතළිස් දෙදාහක් ඉහලින් පිහිටයි. මෙහි ආයු ප්‍රමාණය- 2304000000


6.පරනිම්මිතවසවර්තිය- නිම්මාරතියට යොදුන් හතළිස් දෙදාහක් ඉහලින් පිහිටයි. මෙහි ආයු ප්‍රමාණය- 9,216,000,000


එක් එක් දිව්‍ය ලෝක වලට අධිපති දෙවිවරු.

චාතුම්මහාරාජිකය සහ තාවතිංසය- සක්‍ර දේවේන්ද්‍රයා.

යාමය- සුයාම දෙවිදුන්.

තුසිතය- සන්තුසිත දෙවිදුන්.

නිම්මාණරතිය- සුනිර්මිත දෙවිදුන්.

පරනිම්මිතවසවර්තිය- වසවර්ති දෙවිදුන්.


රූපාවචර බ්‍රහ්ම ලෝක.


ප්‍රථම ධ්‍යාන භූමි.


පරනිම්මිතවසවර්තියට යොදුන් පනස්ලක්ෂ අටදහසක් ඉහලින් පිහිටයි.

1. බ්‍රහ්මපාරිසජ්ජය- ආයුෂය- කල්පයකින් 1/3.

2.බ්‍රහ්මපුරෝහිතය- අායුෂය- කල්පයකින් 1/2.

3.මහා බ්‍රහ්මය- ආයුෂය- අසංඛ්‍ය කල්පයයි.

   සක්වල දහසකට අධිපති- සහස්සබ්‍රහ්ම.

   සක්වල දෙදහසකට අධිපති- ද්විසහස්සබ්‍රහ්ම.


ද්විතීය ධ්‍යාන භූමි.


ප්‍රථම ධ්‍යාන භූමි වලට යොදුන් 5,508,000 ඉහලින් පිහිටයි.


4.පරිත්තාහ- මහා කල්ප එකකි.

5.අප්පමාණාභ- මහාකල්ප හතරකි.

6.ආභස්සර- මහාකල්ප අටකි.


තෘතිය ධ්‍යාන භූමි.


ද්විතීය ධ්‍යාන භූමි වලට යොදුන් 5,508,000 ඉහලින් පිහිටයි.

7.පරිත්තසුභ- මහා කල්ප දාසයයි.

8.අප්පමාණසුභ- මහා කල්ප තිස් දෙකයි.

9.සුභකිණ්නක- මහා කල්ප හැට හතරයි.


චතුර්ථ ධ්‍යාන භූමි.


තෘතිය ධ්‍යාන භූමි වලට යොදුන් 5,508,000 ඉහලින් පිහිටයි.

10.වේහප්ඵල- මහා කල්ප පන්සියයයි.

11.අසංඥසත්වය- මහා කල්ප පන්සියයයි. රූප ස්කන්ධ පමණක් පහල වන නිසා 'ඒක වෝකාර භවය' නම් වේ.


පංච සුද්දාවාස.


12.අවීහය- ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධික ආර්යයන් වහන්සේලා වැඩ ඉදියි. ආයුෂ- මහා කල්ප දාහයි.

13.අතප්පය- සති ඉන්ද්‍රිය අධික ආර්යයන් වහන්සේලා. ආයුෂ- මහා කල්ප දෙදාහයි.

14.සුදස්සය- විරිය ඉන්ද්‍රිය අධික. ආයුෂ - මහා කල්ප හාරදාහයි.

15.සුදස්සීය- සමාධි ඉන්ද්‍රිය අධික. ආයුෂ- මහා කල්ප අටදාහයි.

16.අකනිට්ඨය- ප්‍රඥා ඉන්ද්‍රිය අධික. ආයුෂ - මහා කල්ප දාසයදාහයි.


අරූපාවචර බ්‍රහ්ම ලෝක.


1.ආකාසානඤ්චායතනය- ආයුෂ- මහා කල්ප විසිදාහයි.

2.විඤ්ඤාණඤ්චායතනය- ආයුෂ-  මහා කල්ප හතලිස් දාහයි.

3.ආකිඤ්චඤ්ඤායතනය- ආයුෂ- මහා කල්ප හැටදාහයි.

4.නේවසඤ්ඤානාසඤ්ඤායතනය- ආයුෂ - මහා කල්ප අසූහාරදාහයි..


සියල්ලෝ සුවපත් වෙත්වා. 

සැවොම සොයන උතුම් නිර්වානය සැප සහිතවම අවබෝද වෙත්වා. දුගතියන්ට දොර නොඇරෙත්වා.. හැමෝයම තෙරුවන් සරණයි...!!!🌸🌸🌼🌼🙏🏻🙏🏻